ගායනය - සුනිල් එදිරිසිංහ
පද - රජීව වෙල්ගම
සංගීතය - දර්ශන රුවන් දිසානායක
මේ තරම් සියුමැලිද කලුගල්
හිතා ගන්නත් බැරි නිසා
මං ගියා අව්කන බුදුන්ටත්
(දෑස් දුන් මිනිසා සොයා)//
කලා වැව ළඟ ඉලුක් හෙවනක
මැටි පැලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
(මැරෙන ඉපදෙන රල දිහා)//
ඉසුරුමුනියේ නුඹ මැවූ
පෙම්බරිය කොතනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
(තවම තනිකඩයැයි කියා....)//
මේ තරම් සියුමැලිද........
..................................................................................................................
මෑත කාලීන සිංහල සංගීතයෙහි විශිෂ්ඨ මං සලකුණක් ඇති කල අද්විතීය නිර්මාණයකි. යෞවනයන් දෙදෙනෙකුගේ පද වැලට සහ සංගීතයට එක්වුනු සුනිල් එදිරිසිංහයන්ගේ සුමිහිරි නද ගීතයෙහි රස හඳුනන්නගේ සිත්සතන් වල ඉතා ගැඹුරු තැන් වලට ආමන්ත්‍රණය කරයි.
No comments:
Post a Comment